
භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් අනිද්දා
භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් ලබන 11 වැනිදා සිදු කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.
ඒ අනුව රුපියල් මිලියන 165,500ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කිරීමට නියමිතයි.
දින 91කින් කල්පිරෙන රුපියල් මිලියන 30,500ක, දින 182කින් කල්පිරෙන රුපියල් මිලියන 55,000ක සහ දින 364කින් කල්පිරෙන රුපියල් මිලියන 80,000ක භාණ්ඩාගාර බිල්පත් මෙහිදී වෙන්දේසි කිරීමටයි සැලසුම් කර ඇත්තේ.