භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් ලබන 27

භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් ලබන 27

රුපියල් මිලියන 130,000ක භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීමේ වෙන්දේසියක් ලබන 27 වනදා සිදු කෙරෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.

ඒ අනුව දින 91කින් කල්පිරෙන රුපියල් මිලියන 60,000ක, දින 182කින් කල්පිරෙන රුපියල් මිලියන 35,000ක සහ දින 364කින් කල්පිරෙන රුපියල් මිලියන 35,000ක භාණ්ඩාගාර බිල්පත් මෙලෙස වෙන්දේසි කිරීමට නියමිතයි.

ලබන 30 වන දින විශේෂ බැංකු නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති බැවින් අදාළ වෙන්දේසියේ ගෙවීම් කළ යුතු දිනය ලබන ජූලි මස 4 වනදා ලෙස වෙනස් වන බවයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ.

Share This