
භාතිය අනෙක් ඇලයට මාරු කරයි (VIDEO)
දින ගණනාවක සිට එකම ඇලයකට වැතිරී සිටින භාතිය හස්තියා අනෙක් ඇලයට මාරු කිරීම අද පෙරවරුවේ සිදු කෙරුණා.
මහාචාර්ය අශෝක දංගොල්ල මහතාගේ උපදෙස් මත තවත් ඖෂධ වර්ග කීපයක් හස්තියාට ලබා දීම මේවනවිට සිදු කෙරෙන අතර මේ වන විට ශරීරයේ තිබූ තුවාල බොහෝමයක් සුව වෙමින් පවතින බවයි පශු වෛද්‍ය තරිඳු විජේකෝන් මහතා සඳහන් කලේ.
පසුගිය දින කිහිපයේදීම සිදු කළ පරික්ෂාවන්ගෙන් අනතුරුව වෛද්‍යවරුන්ගේ අවධානය යොමු වූ ප්‍රධාන කරුණ වුණේ හස්තියා නිදා සිටින පැත්ත වෙනස් කිරීමයි.
හස්තියාගේ වම්කන, හිසට යට වී ඇති බැවින් වම් කන ආශ‍්‍රිතව එල්ල වී ඇති වෙඩි ප්‍රහාරය නිසා සිදුව ඇති තුවාලය පිළිබඳව අවබෝධයක් ලබා ගැනීමටද පැත්ත මාරු කිරීම වැදගත් බවයි වෛද්‍ය මතය වී ඇත්තේ.
ඒ අනුව ඒ සඳහා හස්තියාගේ ශරීරය සූදානම් කරවීම වෙනුවෙන් වන ඖෂධ ලබාදීම ඊයේ පස්වරුවේ සිටම සිදු කෙරුණා.
එමෙන්ම නිදාසිටින ඇලය වෙනස් කිරීමට පෙර රැඳී සිටින ස්ථානයට ජලය පිරවීම සහ භාතිය ඇතාට සේලයින් ඇතුළු මූලික ප්‍රථිකාර ලබාදීම ද මහාචාර්ය අශෝක දංගොල්ල මහතාගේ උපදෙස් පරිදි අද උදෑසන සිදු කෙරුණා.
පේරාදෙණිය පශු වෛද්‍ය පීඨයේ මහාචාර්ය අශෝක දංගොල්ල මහතා, පශු වෛද්‍ය තරිඳු විජේකෝන් මහතා හා නිකවැරටිය පශු වෛද්‍ය ඒකකයේ පශු වෛද්‍ය ඉසුරු හේවාකෝට්ටගේ ඇතුළු පශු වෛද්‍ය නිලධාරීන් සහ යුද හමුදා නිලධාරීන්ගේ සහය ඇතිව භාතිය හස්තියාගේ ඇලය මාරු කිරීමේ කටයුතු සිදු කෙරුණා.