භාතිය හස්තියා ගොඩ ගන්න හය වැනි දිනටත් ප්‍රතිකාර (VIDEO)

භාතිය හස්තියා ගොඩ ගන්න හය වැනි දිනටත් ප්‍රතිකාර (VIDEO)

දැඩි ලෙස රෝගීව මහව පොල්පිතිගම ප්‍රදේශයේ වතුර වලක වැටී සිටින භාතිය හස්තියාට අද හයවන දිනටත් ප්‍රතිකාර කිරීමේ කටයුතු සිදු කෙරෙනවා.

ඒ අනුව භාතියගේ තත්ත්යවය සම්බන්ධයෙන් ලයිව් ඇට් ශ්‍රී ලංකා අප අද දිනයේත් සොයා බැලීමක් සිදු කළ අතර හස්තියාගේ එක් පාදයක සිලම්බු අඩිය ගැලවී ඇති නිසා එයට ප්‍රතිකාර කිරීම ද මේවනවිට ආරම්භ වී ඇති බවටයි තොරතුරු වාර්තා වුණේ.

භාතිය හස්තියාට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය පශූ වෛද්‍ය අශෝක දංගොල්ල මහතාගේ සෘජු මැදිහත්වීමෙන් නිසි ප්‍රතිකාර ආරම්භ කලා.

එම අවස්ථාවේ සිට භාතිය හස්තියාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ තොරතුරු සොයා බැලීමට නිරන්තරයෙන් කටයුතු කළ අතර භාතියගේ තත්ත්වය සම්බන්ධයෙන් ලයිව් ඇට් ශ්‍රී ලංකා අප අද දිනයේත් සොයා බැලීමක් සිදු කළා.

ඒ අනුව අද හයවන දිනටත් භාතිය හස්තියාට ප්‍රතිකාර කිරීමේ කටයුතු සිදු කෙරෙනවා.

මහාචාර්ය අශෝක දංගොල්ල මහතාගේ උපදෙස් මත තවත් ඖෂධ වර්ග කීපයක් හස්තියාට ලබාදීම මේවනවිට සිදු කෙරෙන බවයි පශු වෛද්‍ය තරිඳු විජේකෝන් මහතා සඳහන් කලේ.

එමෙන්ම හස්තියාගේ එක් පාදයක සිලම්බු අඩිය ගැලවී ඇති නිසා එයට ප්‍රතිකාර කිරීම ද මේවනවිට ආරම්භ වී තිබෙනවා.

ඒ අනුව පාදයේ තත්ත්වය සැලකිල්ලට ගනිමින් සැලකිල්ලට ගෙන කැල්සියම් ප්‍රමාණයක් ලබා දීමටයි තීරණය කෙරුණේ.

තුවාල කිහිපයක් ශරීරයේ පවතින නිසා ප්‍රතිජීවක ඖෂධ දිගටම ලබා දීමටද මේවනවිට සිදු කෙරෙනවා.

එමෙන්ම පශු වෛද්‍ය තරිඳු විජේකෝන් මහතා පවසන පරිදි මේ වන විට පැන නැගී ඇති ප්‍රධාන ගැටලුව හස්තියා එකම ඇලයකට නිදා සිටීමයි.

හස්තියා අනෙක් ඇලයට මාරු කිරීම සඳහා කඩිනමින් පියවර ගත යුතු බවයි මහාචාර්ය අශෝක දංගොල්ල සඳහන් කරන්නේ.

මේ අතර සමාජ මාධ්‍ය තුල මේවන විට භාතිය හස්තියාගේ පෝෂ්‍යදායි මට්ටම ඉහළ නැංවීමට අවශ්‍ය ආහාර බව පවසමින් සහ ඒවා හැකි ඉක්මනින් අවශ්‍ය බවට ද වන පොස්ට් මෙන්ම ලිපි ද සංසරණය වනවා.

ඒ  සම්බන්ධයෙන් පශු වෛද්‍ය තරිඳු විජේකෝන් මහතාගෙන් අප විමසීමක් කළා.

එහිදී පශු වෛද්‍ය තරිඳු විජේකෝන් මහතා සඳහන් කළේ වෛද්‍ය නිර්දේශයට අනුව හස්තියාට අවශ්‍ය වන ආහාර සැපයීම සඳහා කිසිදු ගැටළුවක් මතුවී නොමැති බවයි.

හස්තියා රැඳී සිටින ප්‍රදේශය කැලෑ බද ප්‍රදේශයක් බැවින් සහ ප්‍රදේශවාසීන් එක්ව හස්තියාට අවශ්‍ය ආහාර සැපයීම සිදුකරන බැවින් එලෙස පිට ප්‍රදේශවලින් ආහාර රැගෙන ඒමේ කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවයි.

Share This