භූමිකම්පාවකින් අමෙරිකානු තානාපති කාර්යාලයකට හානි
රිච්ටර් මාපකයේ 7.3 ක ප්‍රබල භූමිකම්පාවක් හේතුවෙන් පැසිෆික් දූපතක් වන Vanuatu හි පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලයට හානි සිදුව තිබෙනවා.
තවත් පසු කම්පන කිහිපයක් ද හටගෙන ඇති නමුත් සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
හානියට පත්ව ඇති අමෙරිකානු තානාපති කාර්යාලය තාවකාලිකව වසා දැමීමට බලධාරීන් පියවර ගෙන තිබෙනවා.
භූමිකම්පාව සිදුවන අවස්ථාවේ ගොඩනැගිල්ලේ සිටි සියලුම කාර්ය මණ්ඩලය ආරක්ෂිතව මුදාගෙන ඇති බව සඳහන්.