භූමිකම්පාවෙන් පසු වයඹදිග සිරියාවට පළමු ආධාර රථ පෙළ ළඟා වෙයි

භූමිකම්පාවෙන් පසු වයඹදිග සිරියාවට පළමු ආධාර රථ පෙළ ළඟා වෙයි

පසුගිය සතියේ ඇති වූ භූමිකම්පාවෙන් විනාශ වූ කැරලිකරුවන්ගේ ග්‍රහණයේ පවතින වයඹදිග සිරියාවට යලි විවෘත කරන ලද දේශසීමා හරස් මාර්ගයක් හරහා එක්සත් ජාතීන්ගේ පළමු ආධාර රථ පෙළ ඇතුළු වී තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා.

එක්සත් ජාතීන්ගේ සංවිධානය පැවසුවේ ඒ අනුව ඊයේ (14) ලොරි 11ක් තුර්කියේ සිට බාබ් අල්-සලාමේහි හරස් මාර්ගය හරහා ගමන් කළ බවයි.

භූමිකම්පාවෙන් තුර්කියේ සහ සිරියාවේ 41,000 කට වැඩි පිරිසක් මේ වනවිට මිය ගොස් තිබෙන් බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

විශේෂයෙන් සිරියාවේ කැරලිකාර ප්‍රදේශවලට ආධාර නොලැබීම සම්බන්ධයෙන් බොහෝ සිරියානුවන් කෝපයට පත්ව සිටින බවද විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද් සමඟ මිත්‍ර සබඳතා ඇති රටවල් භූකම්පනයෙන් පසුව සැපයුම් ලබාදීමට එකඟවී ඇති අතර ඒ අනුව රුසියාව, ඉරානය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඇතුළු රටවල් සිරියානු රජයේ පාලන ප්‍රදේශවලට සැපයුම් ලබාදීමට පියවර ගෙන තිබෙනවා.

Share This