භූමිකම්පාවෙන් විනාශයට පත් වූ තුර්කියේ නගර දෙකකට ගංවතුරෙන් හානි -14ක් මරුට

භූමිකම්පාවෙන් විනාශයට පත් වූ තුර්කියේ නගර දෙකකට ගංවතුරෙන් හානි -14ක් මරුට

පසුගිය මාසයේ ඇති වූ භූමිකම්පාවෙන් විනාශයට පත් වූ ගිනිකොනදිග තුර්කියේ නගර දෙකකට බලපෑ ගංවතුර හේතුවෙන් පුද්ගලයන් 14 දෙනෙකු මිය ගොස් තවත් කිහිප දෙනෙකු අතුරුදන් වී තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා.

විපතට පත් වූවන් අතර භූමිකම්පාවෙන් දිවි ගලවා ගත් අය ද වන අතර ඔවුන් භූමිකම්පාවෙන් පසු බහාලුම් නිවාසවල ජීවත් වූ බවයි පැවසෙන්නේ.

සැන්ලියර්ෆා ප්‍රදේශයේ ගංවතුර හේතුවෙන් මෝටර් රථ පෙරළී ගොස් ඇති අතර එහිදී පුද්ගලයින් 12 දෙනෙකු මිය ගිය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

නගරයේ කූඩාරම් ඉවත් කර ඇති බවද සඳහන් වනවා.

එක් පැය 24ක කාලයක් තුළ, Adiyaman පළාතේ එක් ප්‍රදේශයකට මිලිමීටර් 136 වර්ෂාපතනයක් ලැබී ඇති බවයි වාර්තා වන්නේ

පුද්ගලයන් පස් දෙනෙකුගේ මළ සිරුරු බිම් මහලක තිබී හමුවී ඇති අතර තුර්කි මාධ්‍ය සඳහන් කර තිබෙන්නේ ඔවුන් සිරියානු ජාතිකයන් බවයි.

අතුරුදන් වූවන්ගෙන් දෙදෙනෙක් ගිනි නිවන භටයන් වන අතර, ගංවතුරෙන් ඈත්ව සිටින ලෙස ජනතාවගෙන් ආණ්ඩුකාරවරයා ඉල්ලා තිබෙනවා.

රෝහලක් ද ජලයෙන් යට වූ අතර රෝගීන් 200 ක් වෙනත් ස්ථානයකට මාරු කර යවා ඇති බවද සඳහන් වනවා.

Share This