භූමිකම්පාවෙන් සති කිහිපයකට පසු ආධාර ඉල්ලා මොරොක්කෝවේ විරෝධතා

භූමිකම්පාවෙන් සති කිහිපයකට පසු ආධාර ඉල්ලා මොරොක්කෝවේ විරෝධතා

මොරොක්කෝවට බලපෑ භූමිකම්පාවෙන් Amizmiz නගරයේ නිවාස විනාශ වී සති කිහිපයකට පසු එහි පදිංචිකරුවන් සිය ගණනක් පළාත් පාලන ආයතනවලට එරෙහිව විරෝධතා දක්වා තිබෙනවා

Marrakesh සිට දකුණු දෙසින් සැතපුම් 34 දුරකින් පිහිටා ඇති Amizmiz නගරය සැප්තැම්බර් 8 භූමිකම්පාවෙන් දැඩි ලෙස පීඩාවට පත්වුණා

වසර 60කට වැඩි කාලයක් තුළ මොරොක්කෝවට බලපෑ දරුණුතම භූමිකම්පාව මෙය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ

භූමිකම්පාවෙන් පුද්ගලයන් 3,000කට ආසන්න පිරිසක් මිය ගිය අතර තවත් දහස් ගණනක් තුවාල ලබා නිවාස අහිමිවුණා

ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ පළාත් පාලන ආයතන ආධාර ප්‍රමාද කරන බවත් ඒවා නොසලකා හරින බවත්ය.

භූමිකම්පාවෙන් පසුව, බලධාරීන් අවතැන් වූ පවුල් කූඩාරම් කඳවුරුවල තැබූ අතර, ඔවුන්ගේ නිවාස නැවත ගොඩනඟා ගැනීමට උපකාර කිරීම සඳහා මූල්‍ය ආධාර ලබා දෙන බවට පොරොන්දුවූ බවත් ඔවුන් චෝදනා කරනවා

විරෝධතාකරුවන් දැන් පවසන්නේ ශීත ඍතුව ළඟා වන විට උෂ්ණත්වය පහත වැටීමත් සමග තත්ත්වයන් නරක අතට හැරෙමින් පවතින බැවින් කඳවුරුවල තවදුරටත් ජීවත් විය නොහැකි බවයි.

නිවාස අහිමි වූ ඇතැම් නිවැසියන්ට කූඩාරම් ඇතුළු ආධාර ලබා නොදී සිටින බවද විරෝධතාකරුවන් සඳහන් කරනවා

ඔවුන්ගේ ගැටළු විසඳීමට පළාත් පාලන ආයතන පොරොන්දු වීමෙන් පසු විරෝධතා නවතා දමා ඇති බවයි පැවසෙන්නේ

කඳවුරුවල සනීපාරක්ෂාව වැඩිදියුණු කිරීමටත්, අවතැන් වූවන්ට ජලය සහ විදුලිය සඳහා ප්‍රවේශය ලබා දීමටත් ඔවුන් පොරොන්දු වී තිබෙනවා

මොරොක්කෝවේ හයවන මොහොමඩ් රජු පසුගිය මාසයේ භූමිකම්පාවෙන් බලපෑමට ලක් වූ ප්‍රදේශ නැවත ගොඩනැගීමට සහ මිලියන 4.2 කට වැඩි ජනතාවට සහාය වීමට මොරොක්කෝ ඩිරාම් බිලියන 120 ක් ප්‍රකාශයට පත් කරනු ලැබුවා

ඒ අනුව කඩා වැටුණු නිවසක් ඇති සෑම නිවසකටම ඩිරාම් 140,000ක් සහ අර්ධ වශයෙන් හානි වූ සෑම නිවසකටම ඩිරාම් 140,000ක් ප්‍රදානය කිරීමටයි පොරොන්දු වී ඇත්තේ

 

 

Share This