සතියකට වැඩි කාලයක් ‘සුන්බුන් අතර සිට’ ජීවිතය ගලවා ගත් තරුණිය (VIDEO )

සතියකට වැඩි කාලයක් ‘සුන්බුන් අතර සිට’ ජීවිතය ගලවා ගත් තරුණිය (VIDEO )

භූමිකම්පාවෙන් සතියකට වැඩි කාලයකට පසු දකුණු තුර්කියේ මහල් නිවාසයක සුන්බුන් අතරින් තරුණියක් බේරාගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා.

Miray නම් තරුණිය දින හතහමාරක් නටබුන් අතර සිරවී සිටි බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

ඇයව අඳුරෙන් එළියට ගන්නා විට අවට සිටි ජනතාව “දෙවියන් වහන්සේ ශ්‍රේෂ්ඨයි” යැයි කෑගසමින් ප්‍රීති ඝෝෂා කරන අයුරු වීඩියෝවක දැක්වෙන අතර එය පහතින් නැරඹිය හැකි වනවා

මේ අතර භූමිකම්පාවෙන් මියගිය සංඛ්‍යාව 41,000 ඉක්මවන බැවින් තවදුරටත් බේරාගැනීම් අසීරුවෙමින් පවතින බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ

භූමිකම්පාවෙන් සතියකට වැඩි කාලයක් ගතවී ඇති බැවින් මිනිස් සිරුරට ජලය නොමැතිව කොපමණ කාලයක් පැවතිය හැකිද යන්න ගැටළුවක් බව විදෙස් මාධ්‍ය පවසනවා.

තුර්කියේ සහ අසල්වැසි සිරියාවේ මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන අතර එය දෙගුණයක් විය හැකි බවට එක්සත් ජාතීන්ගේ මානුෂීය ප්‍රධානියාද අනතුරු අඟවා තිබෙනවා

Share This