මංගල උත්සවයට මොහොතකට පෙර ‘ලේ විලක් මැද’ අවසන් ගමන් ගිය ඉන්දීය යුවල

මංගල උත්සවයට මොහොතකට පෙර ‘ලේ විලක් මැද’ අවසන් ගමන් ගිය ඉන්දීය යුවල

ඉන්දියාවේ චත්තිස්ගාර් ප්‍රාන්තයේ රායිපූර් හි විවාහය ලියාපදිංචි කළ යුවලක් ඔවුන්ගේ විවාහ මංගල උත්සවයට මොහොතකට පෙර සිය නිවසේ කාමරයක් තුළ සිරුරේ පිහි ඇනුම් තුවාල සහිතව මියගොස් තිබෙනවා.

පොලිසිය සැක පළ කරන්නේ ඔවුන් දෙදෙනා අතර ආරවුලක් හටගෙන ඇති අතර, ඉන් අනතුරුව මනාලයා විසින් මනාලියට පිහියෙන් ඇන ඝාතනය කර ඇති බවටයි.

එම යුවල පසුගිය ඉරිදා දිනයේ විවාහය ලියාපදිංචි කර ඇති ඔවුන්ගේ විවාහ උත්සවය ඊයේ (21) රාත්‍රියේ පැවැත්වීමට නියමිතව තිබී ඇත්තේ.

ඔවුන් සිය කාමරය තුළ මංගල උත්සවය සඳහා සූදානම් වෙමින් සිට ඇති අතර එහිදී මනාලයාගේ මවට මනාලියගේ කෑගැසීම ඇසී තිබෙනවා.

එම අවස්ථාවේදී ඇය එහි දිව ගොස් ඇති අතර කාමරය ඇතුළතින් අගුළු දමා තිබී ඇති බව සඳහන්.

එහිදී ඔවුන් ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන් පවුලේ සාමාජිකයින් ජනේලයක් විවෘත කර බැලූ අවස්ථාවේ දැක ඇත්තේ ඔවුන් දෙදෙනා ලේ විලක් මැද සිටින ආකාරයයි.

 

Share This