මංගල ගමනක් ගිය බසයක් පෙරළී ‘ 25ක් මරු දුටු’ ඉන්දියාවේ ඛේදවාචකය

මංගල ගමනක් ගිය බසයක් පෙරළී ‘ 25ක් මරු දුටු’ ඉන්දියාවේ ඛේදවාචකය

උතුරු ඉන්දියාවේ උත්තර්කාන්ද් ප්‍රාන්තයේදී බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් පුද්ගලයන් 25 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

ඊයේ (04) රාත්‍රියේ බස් රථය මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයකට වැටෙන විට අවම වශයෙන් බස් රථයේ මගීන් 40 දෙනෙකු පමණ එහි සිට ඇති බවයි එරට බලධාරීන් පවසා තිබෙන්නේ

ඊයේ (04) රාත්‍රියේ බේරා ගැනීමේ කණ්ඩායම් දියත් කළ මෙහෙයුමකින් මේ වන විට මගීන් කිහිපදෙනෙක් බේරාගෙන ඇති බවද විදෙස් මාධ්‍ය පවසනවා

බස් රථය ලාල්දාන්ග් සිට උත්තර්කාන්ද් ප්‍රාන්තයේ බිරොන්කාල් ගම්මානය දක්වා මංගල පෙරහැරක මගීන් රැගෙන යමින් සිටියදී අනතුරට ලක්ව ඇති බවයි පැවසෙන්නේ

අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නැති අතර සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර තිබෙන බවද විදෙස් මාධ්‍ය පවසනවා

Share This