මංගල ගුවන් ගමනේදීම පුපුරා ගිය රොකට්ටුව ගැන Elon Musk කියූ දේ (VIDEO)

මංගල ගුවන් ගමනේදීම පුපුරා ගිය රොකට්ටුව ගැන Elon Musk කියූ දේ (VIDEO)

SpaceX සමාගමේ නව රොකට්ටුව වන Starship එහි මංගල ගුවන් ගමනේදීම පුපුරා ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා මිට පෙර කළ අතර මේ පිළිබඳව Elon Musk අදහස් දක්වා තිබෙනවා .

තම සමාගම මාස කිහිපයකින් නැවත රොකට්ටුව ගුවන් ගත කිරීම සඳහා උත්සාහ කරන බවයි Elon Musk අදහස් දක්වමින් කියා තිබෙන්නේ

ටෙක්සාස් හි නැගෙනහිර වෙරළ තීරයෙන් ඉහළට නැඟුණු Starship රොකට්ටුව කාර්යය මණ්ඩල රහිත වූ බැවින් එම පිපිරීමෙන් කිසිවෙකුට හානියක් සිදුවී නැති බවද විදෙස් මාධ්‍ය පවසනවා .

පරීක්ෂණ පියාසැරියක් සඳහා ගුවන් ගත කර ඇති අතර පියාසැරියෙන් මිනිත්තු දෙක තුනකට පසු රොකට්ටුව පාලනයෙන් මිදී ගොස් පුපුරා තිබෙනවා .

කෙසේවෙතත් SpaceX ඉංජිනේරුවන් මෙහෙයුම සාර්ථකව ගුවන් ගත කළ බව පවසා තිබෙන බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ .

“මෙවැනි පරීක්ෂණයක් මගින් සාර්ථකත්වය ලැබෙන්නේ අප ඉගෙන ගන්නා දෙයින් වන අතර, Starship රොකට්ටුවේ අනාගත ගුවන් ගමන් වැඩිදියුණු කිරීමට මෙය අපට උපකාරී වනු ඇති”බව SpaceX නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙනවා

Share This