මගුල් කපුකම හරි ගිය පසු කපුවා අමතක කළ ව්‍යාපාරිකයා

මගුල් කපුකම හරි ගිය පසු කපුවා අමතක කළ ව්‍යාපාරිකයා

කැකිරාව ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරිකයකුට මගුල් කපුකමක් සිදුකළ බව කියන කාන්තාවක් එම මනාල පාර්ශ්වයට එරෙහිව විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් අද කැකිරාව නගරයේදී විරෝධතාවයක නියැලුනා.

මෙලෙස විරෝධතාවයේ නිරතවූයේ ගල්නෑව ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි කාන්තාවක්.

අදාළ කාන්තාව පවසන්නේ මීට වසර දෙකකට පමණ ඉහතදී තමන් කැකිරාව ප්‍රදේශයේ පදිංචි කෝටිපති ව්‍යාපාරිකයකු හට එම ව්‍යාපාරිකයාගේ මවගේ ඉල්ලීම මත මංගල යෝජනාවක් ගලපා දුන් බවත් ඔවුන් ඉකුත් අප්‍රෙල් 28 වන දින විවාහ වූ බවයි.

එම අවස්ථාවේදී තමන්ට මංගල යෝජනා ගාස්තුව නිවසට රැගෙනවිත් දෙන බවට මනාල පාර්ශවය පොරොන්දු වුවද එය මෙතෙක් තමන්ට ලබා නොදී එම ව්‍යාපාරික මනමාලයා මගහරිමින් සිටින බව එම කාන්තාව පවසනවා.

අදාළ කාන්තාව පවසන්නේ අදාළ මංගල යෝජනාව සම්බන්ධව මනාල පාර්ශ්වය තමන්ට රුපියල් පනස් දහසක් ලක්ෂයත් අතර මුදලක් ගෙවීමට එකඟ වූ බවයි.

එහෙත් පොරොන්දු පරිදි මනාල පාර්ශ්වය විසින් එම මුදල තමන්ට ගෙවීම පැහැර හරිමින් සිටින බව ද එම මනාල පාර්ශ්වය වු ව්‍යාපාරිකයාගෙන් තමන්ට තර්ජන එල්ලවන බවද ඇය පවසනවා.

අදාළ මනාල පාර්ශවය මෙලෙස පොරොන්දුවූ පරිදි මංගල ගාස්තුව නොගෙවීම සම්බන්ධයෙන් ඇය මීට පෙර ගල්නෑව පොලිසියටද පසුව අද(16) දිනයේ කැකිරාව පොලිසියට ද පැමිණීලි කිරීමෙන් පසුව අද(16) දිනයේ ඇය අදාළ මනාල යුවලගේ මංගල ඡායාරූප සහිත බැනරයක් හා විරෝධතා පුවරුවක් ද ගෙලෙහි එල්ලා ගෙන කැකිරාව නගරයේදී විරෝධතාවයේ නිරත වී තිබෙනවා.

කැකිරාව පොලිස් ස්ථානය එම කාන්තාවගෙන් ලද පැමිණීල්ල සම්බන්ධයෙන් විමර්ශණ අරඹා තිබෙනවා.

 

හදිසි නීතිය යළි දීර්ඝ කිරීමක් සිදු නොකරන බව ජනපති කියයි

මේ සතිය අවසන් වනවිට ඉවත් කිරීමට නියමිත වූ හදිසි නීතිය යළි දීර්ඝ කිරීමක් සිදු නොකරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ජනාධිපතිවරයා පෙන්වා දී ඇත්තේ රටේ තත්ත්වය නැවත යහපත් අතට හැරී ඇති බැවින් හදිසි නීතිය දීර්ඝ නොකරන බවයි.

Share This