මට පාන් කෑල්ලක් කන්න ඕනේ – ගාසාහි පුංචි දරුවන්ගේ එකම ඉල්ලීම (VIDEO)

මට පාන් කෑල්ලක් කන්න ඕනේ – ගාසාහි පුංචි දරුවන්ගේ එකම ඉල්ලීම (VIDEO)

ගාසාහි පුංචි දරුවන්ගේ එකම ඉල්ලීම මට පාන් කෑල්ලක් ආහාරයට ගැනීම බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ලෝක ආහාර වැඩසටහන උතුරු ගාසා තීරයට ආහාර බෙදා හැරීම නවත්වා ඇති අතර, සිවිල් සාමය බිඳවැටීම හේතුවෙන් සම්පූර්ණයෙන් අවුල් සහගත තත්ත්වයක් සහ ප්‍රචණ්ඩත්වයක් වර්ධනය වී ඇති බවයි සඳහන් වන්නේ.

ලෝක ආහාර වැඩසටහන ක්‍රියාත්මක කළ ඒජන්සිය පවසන්නේ උතුරු ගාසා තීරයට ආහාර බෙදා හැරීම නැවැත්වීමේ තීරණය සැහැල්ලුවෙන් ගත් එකක් නොවන බවයි.

එය නැවත්වීමට සිදුවූයේ කාර්ය මණ්ඩලය, වෙඩි තැබීම් සහ කොල්ලකෑම්වලට මුහුණ දුන් නිසා බවයි ඔවුන් පැහැදිලි කරන්නේ.

Share This