මඩු දේවස්ථානයට පැමිණෙන බැතිමතුන් වෙනුවෙන් නිවාස ව්‍යාපෘතියක්

මඩු දේවස්ථානයට පැමිණෙන බැතිමතුන් වෙනුවෙන් නිවාස ව්‍යාපෘතියක්

ඉන්දීය රජයේ ආධාර මත මඩු දේවස්ථානයට පැමිණෙන වන්දනාකරුවන් වෙනුවෙන් නේවාසික නිවාස 96ක් ඉදිකිරීමේ ගිවිසුමට අත්සන් තබා තිබෙනවා.

ඒ සඳහා වන අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්.එස්. සත්‍යානන්ද හා මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදුකර තිබෙන බව සඳහන්.

ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේදී එම ගිවිසුම අත්සන් තබා ඇති බවයි වාර්තා වන්නේ.

මෙම නේවාසික නිවාස 96 ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 400 ක මුදලක් හිමිවනු ඇති බව සඳහන්.

Share This