මත් නිවාරණය වෙනුවෙන් ස්වර්ණවාහිනියට සම්මානයක් (වීඩියෝ)

මත් නිවාරණය වෙනුවෙන් ස්වර්ණවාහිනියට සම්මානයක් (වීඩියෝ)

දුම්කොළ හා මධ්‍යසාර නිවාරණය සම්බන්ධයෙන් සිදු කළ මෙහෙවර උදෙසා ස්වර්ණවාහිනිය සම්මානයෙන් පිදුම් ලැබුවා.

ඊයේ පැවති උත්සවයකදී ස්වර්ණවාහිනී සාමාන්‍යාධිකාරී අධ්‍යක්‍ෂ මෙහෙයුම් ඩිලන් සැමුවෙල් මහතා විසින් එම සම්මානය ලබා ගත්තේ, සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අතින්.

දුම්කොළ හා මධ්‍යසාර නිවාරණය උදෙසා විද්‍යුත් මාධ්‍ය හරහා සිදු කරන ලද මෙහෙවර ඇගයීම සඳහා මෙම වැඩසටහන නම් කර තිබුණේ “නිදහස් අරගලය – මතින් තොර දේශයක්” නමින්.

අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වූ මෙම උත්සවය දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය විසින් සංවිධානය කර තිබුණා.

මේ නිමිත්තෙන් තේමා ගීතයක් ද දොරට වැඩියා.

එසේම දුම්කොළ හා මධ්‍යසාර පනත උල්ලංඝනය කරමින් සමාජයේ සිදුවන ඕනෑම ක්‍රියාකාරකමක් එසැනින් බලධාරීන්ට දැනුවත් වීම සඳහා සකස් කළ නව යෙදවුම් දෙකක් ද අමාත්‍යවරයා අතින් ආරම්භ කළා.

පසුව ස්වාධීන විනිසුරු මඩුල්ලක් මඟින් තෝරා ගත් මතින් තොර දේශයක් ගොඩ නැගීම සඳහා දායකත්වය ලබාදුන් පුවත්පත්, ගුවන් විදුලි හා රූපවාහිනී නාලිකාවලට මෙහිදී අමාත්‍යවරයා අතින් සම්මාන ප්‍රදානය කෙරුණා.

ස්වර්ණවාහිනිය ද මෙහිදී සම්මානයෙන් පිදුම් ලැබූ අතර එම සම්මානය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අතින් ලබාගත්තේ ස්වර්ණවාහිනී සාමාන්‍යාධිකාරී අධ්‍යක්‍ෂ මෙහෙයුම් ඩිලන් සැමුවෙල් මහතා විසින්.

 

Share This