මත්ද්‍රව්‍ය කල්ලි ඉලක්ක කරගනිමින් කළ වැටලිම්වලදී බ්‍රසීලයේ 45ක් මරුට

මත්ද්‍රව්‍ය කල්ලි ඉලක්ක කරගනිමින් කළ වැටලිම්වලදී බ්‍රසීලයේ 45ක් මරුට

බ‍්‍රසීලයේ ප‍්‍රාන්ත තුනක මත්ද්‍රව්‍ය කල්ලි ඉලක්ක කරගනිමින් සිදුකළ පොලිස් වැටලීම්වලින් පුද්ගලයන් 45 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

Rio de Janeiro හි කළ මෙහෙයුමේ දී, පොලිසිය පැවසුවේ, Complexo da Penha ප්‍රදේශයේ සිදු වූ වෙඩි හුවමාරුවකින් අවම වශයෙන් 10දෙනෙකුට ජිවිත අහිමි වූ බවයි.

එමෙන්ම දින පහක් පුරා සාඕ පවුලෝ ප්‍රාන්තයේ සිදු කළ පොලිස් වැටලීමකදී ඇතිවූ ගැටුම්වලින් පුද්ගලයන් 16 දෙනෙකු මිය ගොස් තිබෙනවා

ඊසානදිග බහියා ප්‍රාන්තයේ සැකකරුවන් 19 දෙනෙකු මරා දමා ඇති බවද සඳහන්

සාඕ පවුලෝ ප්‍රාන්තයේ මෙහෙයුම අතරතුර පුද්ගලයන් පනස් අට දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවද විදෙස් මාධ්‍ය පවසනවා

විශේෂ බලකායේ පොලිස් නිලධාරියෙකු වෙරළබඩ නගරයක් වන Guarujá ප්‍රදේශයේ දී ඝාතනය ලක්වීමෙන් පසුව මෙම මෙහෙයුම් ආරම්භ වූ බවයි වැඩිදුරටත් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

මත්කුඩු කිලෝග්‍රෑම් 385 ක් සහ මත්ද්‍රව්‍ය කල්ලි සතුව තිබූ තුවක්කු ද පොලිස් භාරයට ගත් බවයි ප්‍රාදේශීය මාධ්‍ය පවසන්නේ

සාඕ පවුලෝ ප්‍රාන්ත ආණ්ඩුකාර Tarcisio de Freitas පවසන්නේ ගැටුමේදී මියගිය අය අතර පොලිස් නිලධාරීන් දෙදෙනෙකු සිටින බවයි.

මේ අතර Guarujá පොලිස් වැටලීම පිළිබඳව ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය පවසා ඇත්තේ විශේෂ බලකායේ පොලිස් නිලධාරියෙකු ඝාතනයට ලක්වීමෙන් පසු ඒ සම්බන්ධයෙන් පළිගැනීම සඳහා මෙය කළ බවයි.

පොලිස් නිලධාරියෙකු ඇතුළු තවත් සිව් දෙනෙකු තුවාල ලබා ඇති බවද විදෙස් මාධ්‍ය පවසනවා

Share This