
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ ගෝලයෙකු ගනේමුල්ලෙන් අල්ලයි
පොලිස් විශේෂ කාර්යාංශයේ තොරතුරක් මත ගනේමුල්ල පොලිස් ස්ථානයේ දූෂණ මර්දන අංශය මගින් මත්ද්‍රව්‍ය ජාරාවරම්කරුවෙකු සහ මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ජාවාරම්කරු විදේශයක සිට මත්ද්‍රව්‍ය ජාවාරම සිදු කරන බවයි පොලිසිය කරන ලද විමර්ශනවලදී හෙළිව තිබෙන්නේ.
අත්අඩංගුවට පත් වූ ජාවාරම්කරුගේ ගෝලයෙකු ගනේමුල්ල , තිබ්බොටුගොඩ ප්‍රදේශයෙන් අත්අඩංගුවට ගන්නා විටත් මත්ද්‍රව්‍ය ජාවාරම් කරමින් සිට ඇති අතර ඔහු සන්තකයේ තිබී ජාවාරමෙන් උපයා ගත් රුපියල් පහළොස් දහසක් සොයාගෙන තිබෙනවා.
මීට අමතරව ලක්ෂ තුනකට අධික අයිස් මත්ද්‍රව්‍යය heroin සහ ඈෂ් මත්ද්‍රව්‍ය ද ඔහු සන්තකයේ තිබී පොලීසිය භාරයට ගෙන ඇති අතර ඉලෙක්ට්‍රොනික් තරාදියක්ද පොලිසිය සොයාගෙන තිබෙනවා.
.
සැකකරු අද දින ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.
