මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් ගිනි අවියක් සමග කැලණියේදී අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් ගිනි අවියක් සමග කැලණියේදී අත්අඩංගුවට

පෑලියගොඩ මූලස්ථාන පොලිස් අපරාධ අංශය සහ කැලණිය දූෂණ ම‍ර්ධන අංශය ඒකාබද්ධව සිදුකළ වැටලීමකදී කැලණිය, ගෝනවල, තල්වත්ත ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි පුද්ගලයෙක් අයිස් ග්‍රෑම් 53 සමග පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය සිදු කළ විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ මොහු පෙර මිනීමැරුම් නඩුවක චූදිතයෙක් ද වන බවයි.

සංවිධානාත්මක අපරාධකරුවන් වන කෙසෙල්වත්තේ දිනුක සහ ඩුබායි සැඟව සිටින චමත් සචින්තක ගේ මත්ද්‍රව්‍ය ජාවාරමේ කොටස්කරුවකු වන මොහු අත්අඩංගුවට ගෙන පරීක්ෂා කිරීමේදී පොයින්ට් විසි දෙකයි (.22) ‍රිවෝල්වර් වර්ගයේ ගිනි අවියක්ද, ඊට යොදන සජීව උණ්ඩ සහ මත්ද්‍රව්‍ය ජාවාරමට උපයෝගී කරගත් ජංගම දුරකථන හතරක්ද පොලිසිය බාරයට ගෙන තිබෙනවා.

Share This