
මත්ද්‍රව්‍ය , ටී 56 උන්ඩ තොගයක් සමග හිටපු හමුදා සෙබලා කොටු වේ
අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් හිටපු හමුදා සෙබලකු ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී ටී පනස් හය ජීව උණ්ඩ සහ මැගසිනයක් සොයා ගැනීමට හැකිවූ බව මාලිගාවත්ත පොලිසිය පැවසුවා.
පොලීසිය සැකකරු සතුව තිබී සොයාගත් ද්‍රව්‍ය අතර ටි 56 ගිනි අවි වලට භාවිතා කරන ජීව උන්ඩ 42 ක් හා මැගසිනයක් මෙන්ම අයිස් මත්ද්‍රව්‍ය ද වනවා.
සොරකම් රැසකට සම්බන්ධ සැකකරු මාලිගාවත්ත, මැල්වත්ත පාලම අසලදී අත්අඩංගුවට ගෙන පරික්ෂා කිරීමේදී අයිස් මත්ද්‍රව්‍ය සන්තකයේ තිබී හමුවීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රශ්න කිරීමේදී ඔහු පදිංචි නිට්ටඹුව, කත්තොට නිවසේ සඟවා තිබූ මැගසිනය සහ ජීව උණ්ඩ තොගය සොයාගැනීමට හැකිවූ බව පොලිසිය සදහන් කළා.
ශානක නොහොත් ආමි නමැති අන්වර්ථ නාමයෙන් හඳුන්වන සැකකරු 32 හැවිරිදි පුද්ගලයෙක්.
