
මත්ද්‍රව්‍ය පොලිස් මෙහෙයුම්වලින් ඊයේත් 736 ක් අත්අඩංගුවට
පොලීසිය සිදුකරන මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් යටතේ ඊයේ (04) දිනය තුල පුද්ගලයින් 32201 දෙනකු පරීක්ෂාවට ලක් කර තිබෙනවා.
එහිදී සැකපිට අත් අඩංගුවට ගත් ගණන 736 ක්.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසන්නේ අපරාධවලට සෘජුව සම්බන්ධ පුද්ගලයින් 16 දෙනකුද අත්අඩංගුවට ගත් බවයි.
සෙසු අත් අඩංගුවටගත් පිරිස අතර වරෙන්තුකරුවන් 271 දෙනකු සහ විවෘත වරෙන්තුකරුවන් 194 ද වනවා.
බීමත් රියදුරන් 21 දෙනකු සහ අපරීක්ෂාකාරී රියපැදවීම් සම්බන්ධයෙන් රියදුරන් 27 දෙනකු ද අත් අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.
රථවාහන වැරදි සම්බන්ධ නීතිය ක්‍රියාත්මක කිරීම් 4523 ක් ද මේ අතරට අයත්.
