මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් තිදෙනෙක් දකුණු අප්‍රිකාවේ නිවසක් තුළ ගිනි තබා මරලා
දකුණු අප්‍රිකාවේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් බවට චෝදනා ලැබූ පුද්ගලයින් තිදෙනෙකුව තවත් මැර පිරිසක් විසින් නිවසක් තුළදී පණපිටින් පුළුස්සා දැමීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එරට පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා
ඝාතනයට ලක්වූවන් අවුරුදු 22 ත් 36 ත් අතර වයස්වල පසුවන්නන්
ඔවුන් නිවස තුළදී පිළිස්සී මිය ගොස් ඇති බව දකුණු අප්‍රිකානු පොලිසිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙනවා
සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් කිසිවකු අත්අඩංගුවට ගෙන නොමැති බවද විදෙස් මාධ්‍ය පවසනවා