මත්පැන් බෝතලයකට අල්ලස් ගත් පොලිස් කොස්තාපල්වරු දෙදෙනෙක්  රිමාන්ඩ්

මත්පැන් බෝතලයකට අල්ලස් ගත් පොලිස් කොස්තාපල්වරු දෙදෙනෙක් රිමාන්ඩ්

රියදුරු බලපත්‍රයක් නොමැතිව ධාවනය කළ කැබ් රථයකට නිතීය ක්‍රියාත්මක නොකර සිටීම සඳහා මත්පැන් බෝතලයක් අල්ලස් වශයෙන් ඉල්ලා එය ලබා ගැනීම සඳහා රුපියල් 3000/=ක මුදලක් අල්ලසක් ලෙස ලබා ගත් බව කියන පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු ලබන දෙසැම්බර් 16 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා අද(1) නියෝග කළා.

එසේ රක්ෂිත බන්ධනාගාරගත කර ඇත්තේ කොටුව පොලිස් ස්ථානයේ විශේෂ රාජකාරි යටතේ හදිසි ඇමතුම් අංශයට සහ නාගරික රථවාහන කොට්ඨාසයට අනුයුක්තව රාජකාරි කරමින් සිටි පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු වන ලසන්ත මධුසංක සහ ටසින් දිල්මිත යන අයයි.

වාරියපොල ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අදාලව කරුණු සලකා බැලීමෙන් අනතුරුව අධිකරණයෙන් මෙම නියෝගය සිදුකළා.

සිද්ධියට අදාල සැකකරු අල්ලස් කොමිසම විසින් අද (1) පස්වරුවේ අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

පැමිණිලිකරු තම බොලෙරෝ වර්ගයේ කැබ් රථය රියදුරු බලපත්‍රය නොමැතිව සහ තවත් රථ වාහන වැරදි කිහිපයක් සිදු කරමින් ධාවනය කිරීමේ රථවාහන වැරදිවලට නීති මඟින් කටයුතු නොකර සිටීම වෙනුවෙන් මත්පැන් බෝතලයක් අල්ලස් වශයෙන් ඉල්ලා එය ලබා ගැනීම සඳහා අල්ලස් ලෙස රු.3,000/- (රුපියල් තුන්දහසක) මුදලක් ඉල්ලා ලබා ගැනීම හා ඊට ආධාර අනුබල ලබාදීම යන චෝදනා මත සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගත් බව අල්ලස් කොමිසම අධිකරණයට දැන්වුවා.

Share This