මත්පැන් විෂවී ඉන්දියාවේ පුද්ගලයන් 34ක් මරුට

මත්පැන් විෂවී ඉන්දියාවේ පුද්ගලයන් 34ක් මරුට

දකුණු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ විෂ සහිත මත්පැන් පානය කිරීමෙන් පුද්ගලයින් 34 දෙනෙකු මියගොස් තිබෙනවා.

අඟහරුවාදා රාත්‍රියේ මෙම පුද්ගලයන් මත්පැන් පානය කර කිහිප දෙනෙකු රෝගාතුර වූ සිද්ධිය වාර්තා වී ඇත්තේ කල්ලකුරුචි දිස්ත්‍රික්කයෙන්.

පුද්ගලයින් 80 දෙනෙකු පමණ අධික පාචනය වැනි රෝගාබාධ සඳහා රෝහල්වල ප්‍රතිකාර ලබන අතර මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

විෂ සහිත මත්පැන් අලෙවි කිරීම සම්බන්ධයෙන් මේ වන විට පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර තවදුරටත් පුළුල් විමර්ශන ක්‍රියාත්මක බව සඳහන්.

නොසැලකිලිමත්කම හේතුවෙන් බලධාරීන් විසින් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු සහ ප්‍රාන්තයේ තහනම් බලාත්මක කිරීමේ අංශයේ සාමාජිකයින් දස දෙනෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා.

සෑම වසරකම ඉන්දියාවේ දහස් ගණනක් මිනිසුන් bootleg මත්පැන් පානය කිරීමෙන් මිය යන බව සඳහන්.

bootleg බොහෝ විට එහි ශක්තිය වැඩි කිරීම සඳහා ඔවුන්ගේ මිශ්‍රණයට මෙතනෝල් එකතු කරන අතර සමහර අවස්ථාවලදී ප්‍රතිශීතකයක් ලෙස භාවිතා කර අතර එය අධික විෂ සහිත මධ්‍යසාරයක් වනවා.

කුඩා ප්‍රමාණයකින් වුවද, මෙතනෝල් මගින් අන්ධභාවයට, අක්මාවට හානිවීමට සහ මරණයට හේතුවන බව සඳහන්.

කල්ලකුරුච්චි ප්‍රදේශයේදී විත්තිකරු එම මත්පැන් වෙළෙන්දෙකු හරහා අලෙවි කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මත්පැන් පානය කළ අයට ක්ලාන්තය, හිසරදය, වමනය, ඔක්කාරය, බඩේ කැක්කුම සහ ඇස්වල කැක්කුම වැනි රෝග ලක්ෂණ ඇති වූ අතර පසුව ඔවුන්ව රෝහල් ගතකර තිබෙනවා.

Share This