මත්පෙති තොගයක් සමඟ සැකකරුවෙක් අනුරාධපුරයේදී නීතියේ රැහැනට
නීති විරෝධී ලෙස අලෙවි කිරීම සඳහා සූදානම් කළ මත්පෙති තොගයක් සමඟ සැකකරුවෙක් අනුරාධපුරයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ශ්රී ලංකා නාවික හමුදාව, අනුරාධපුර ආහාර සහ ඖෂධ පරීක්ෂක ඒකකය හා එක්ව සිදුකළ මෙහෙයුමකදී මෙම වැටලීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.
අනුරාධපුර ප්රදේශයේ සිදුකල ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී නීති විරෝධී ලෙස අලෙවි කිරීම සඳහා සූදානම් කළ මත්පෙති 918ක තොගයක් සමඟ මෙම සැකකරු අත්අඩංගුවට ගත් බව සඳහන්.
ඒ අනුව, උතුරු මැද නාවික විධානයේ ශ්රී ලංකා නාවික නෞකා පණ්ඩුකාභය ආයතනය, අනුරාධපුර ආහාර සහ ඖෂධ පරීක්ෂක ඒකකය හා එක්ව, අනුරාධපුර ප්රදේශයේ සිදුකල මෙම ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමේදී සැකකටයුතු ඖෂධ වෙළඳසැලක් පරික්ෂාවට ලක්කොට තිබෙනවා.
අත්අඩංගුවට ගත පුද්ගලයා අවුරුදු 42 ක් වන අනුරාධපුර ප්රදේශයේ පදිංචිකරුවෙකු බවට හඳුනාගෙන ඇති බව සඳහන්.
එම සැකකරු සහ මත්පෙති තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා අනුරාධපුර ආහාර සහ ඖෂධ පරීක්ෂක ඒකකය වෙත භාරදීමට කටයුතු කර තිබෙන බවයි වාර්තා වන්නේ.