මතීෂට ලෝක කුසලානය අහිමි වෙයි

මතීෂට ලෝක කුසලානය අහිමි වෙයි

වේගපන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණට මෙවර ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියෙන් ඉවත්වීමට සිදුව ඇති බව වාර්තා වනවා.

ඒ ඔහුගේ ආබාධ තත්ත්වය සුව නොවීම හේතුවෙන්.

මතීෂ පතිරණව ශ්‍රී ලංකා ලෝක කුසලාන සංචිතයෙන් නිදහස් කරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ තාක්ෂණික කමිටුවෙන් ඉල්ලීමක් කර ඇති බව සඳහන්.

මතීෂ වෙනුවට ඇන්ජලෝ මැතිව්ස් හෝ දුෂ්මන්ත චමීර සංචිතයට කැඳවීමට නියමිත බවයි වාර්තා වන්නේ.

Share This