මතීෂට සහ මදුශංකට එක්දින තරගාවලිය අහිමිවෙයි

මතීෂට සහ මදුශංකට එක්දින තරගාවලිය අහිමිවෙයි

ආබාධයන්ට ලක්වීම හේතුවෙන් මතීෂ පතිරණ සහ ඩිල්ෂාන් මදුශංක එක්දින ජාත්‍යන්තර තරගාවලිය සඳහා සහභාගී නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා

පුහුණුවීම්වලදී පන්දු රැකීමේදී ඩිල්ෂාන් මධුශංක වම් පාදයේ ආබාධයකට ලක්ව ඇති අතර ඉන්දියාවට එරෙහිව පැවැති තුන්වැනි විස්සයි20 තරගයේදී උඩපන්දුවක් ලබාගැනීමේදී පතිරණගේ දකුණු උරහිසේ උළුක්කුවක් හටගෙන ඇති බවයි එම ආයතනය පැවසුවේ

ඒ අනුව ඔවුන් දෙදෙනා වෙනුවට මොහොමඩ් ශිරාස් සහ එෂාන් මාලිංග ව සංචිතයට කැඳවා තිබෙනවා

මීට අමතරව කුසල් ජනිත්, ප්‍රමෝද් මධුෂාන් සහ ජෙෆ්රි වැන්ඩසේ ද සංචිතයට එක් කර ඇති බව සඳහන්

Share This