මධ්‍යම ඇෆ්ගනිස්ථානයට බලපෑ ගංවතුරෙන් 31 දෙනෙකු මරුට

මධ්‍යම ඇෆ්ගනිස්ථානයට බලපෑ ගංවතුරෙන් 31 දෙනෙකු මරුට

මධ්‍යම ඇෆ්ගනිස්ථානයට බලපෑ අධික වර්ෂාපතනයත් සමග ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් එක් රැයකදී පුද්ගලයින් 26 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.

පසුගිය සිකුරාදා සිට රට පුරා පුද්ගලයින් 31 දෙනෙකු මිය ගොස් ඇති බවයි එරට ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශයේ ප්‍රකාශක Shafiullah Rahimi පැවසුවේ

එමෙන්ම පුද්ගලයින් 40 කට වැඩි පිරිසක් අතුරුදහන්ව තිබෙනවා

ගංවතුර තත්ත්වය හේතුවෙන් ජල්රෙස් හි (Jalrez) නිවාස 604 කට පූර්ණ හෝ අර්ධ වශයෙන් හානි වී ඇති අතර ගොවිබිම්වලට ද දැඩි හානි සිදුව ඇති බව සඳහන්.

විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් පැවසුවේ පසුගිය මාස හතර තුළ, එරට සිදු වූ ස්වභාවික විපත් ආශ්‍රිත සිදුවීම්වලින් පුද්ගලයන් 214 දෙනෙකු මිය ගොස් ඇති බවයි

Share This