මධ්‍යම අධිවේගයේ මීරිගම – කුරුණෑගල කොටස 20 වනදා සිට පොදු ප්‍රවාහනයට විවෘත වෙයි  (වීඩියෝ)

මධ්‍යම අධිවේගයේ මීරිගම – කුරුණෑගල කොටස 20 වනදා සිට පොදු ප්‍රවාහනයට විවෘත වෙයි (වීඩියෝ)

මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා කොටස පොදු මගී ප්‍රවාහන සේවාවන් සඳහා ලබන 20 වනදා සිට
විවෘත වන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසනවා.

ඒ අනුව ආරම්භයේ දී මහනුවර – කොළඹ සහ කොළඹ – කුරුණෑගල බස් රථ සඳහා අවසර ලබාදීමටයි එහිදී පියවර ගෙන ඇත්තේ.

මේ අතර මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා කොටස ඊයේ (15) විවෘත කිරීමත් සමඟ ගමනාගමන කටයුතු සඳහා අවසර හිමිවීමත් සමඟ ඒ සඳහා අය කෙරෙන ගාස්තු දක්වමින් ගැසට් නිවේදනයක් ද නිකුත් කෙරුණා

කෙසේ වෙතත් අද (16) දහවල් 12 වනතුරු එහි ගමන්ගන්නා වාහනවලින් කිසිදු ගාස්තුවක් අය කෙරුනේ නැහැ.

Share This