මධ්‍යම අධිවේගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා කොටසේ ගාස්තු අය වෙන්නේ මෙහෙමයි (වීඩියෝ)
මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල කොටස ඊයේ (15) දිනයේ දී විවෘත කිරීමත් සමඟ ගමනාගමන කටයුතු සඳහා ද අවසර හිමිවුණා.
ඒ අනුව ඊයේ (15) මධ්‍යම රාත්‍රියේ සිට අද (16) දහවල් 12 වන තුරු එහි ගමන්ගන්නා වාහනවලින් කිසිදු ගාස්තුවක් අය නොකරන බවයි මහාමාර්ග අමාත්‍යාංශය සඳහන් කළේ.
ඉන් අනතුරුව අය කෙරෙන ගාස්තු දක්වමින් ගැසට් නිවේදනයක් ද මේ වනවිට නිකුත් කර තිබෙනවා.
කෙසේ වෙතත් අත්ට්‍රැක්ටර්, යතුරුපැදි, පාපැදි, ත්‍රිරෝද රථ සඳහා මෙහි ගමන් කිරීමට අවසර හිමිවෙන්නේ නැහැ.