මනම්පිටියේදී දුම්රියක ගැටී තවත් වන අලියෙක් මරුට

මනම්පිටියේදී දුම්රියක ගැටී තවත් වන අලියෙක් මරුට

දුම්රියක ගැටී මියගිය වන අලියෙකුගේ සිරුරක් පොළොන්නරුව අඩවි වනජීවී කාර්යාලයේ නිලධාරීන් විසින් මනම්පිටිය ප්‍රදේශයේදී සොයාගෙන තිබෙනවා.

වනජීවී නිලධාරීන් සඳහන් කළේ මීට දිනකට පමණ ඉහතදී මෙම වන අලියා දුම්රියේ ගැටී මියයන්නට ඇති බවයි.

මෙම කලාපයේදී දුම්රියේ ගැටී සිදුවූ සිව්වන වන අලි මරණය මෙය වන බවත්, අලියා දුම්රියේ ගැටුණු බව දුම්රියේ රියදුරුවරයා ආසන්නම දුම්රිය ස්ථානය හෝ දැනුවත් කළේ නම්, තුවාල ලබා සිටි වන අලියාගේ ජීවිතය බේරා ගැනීමට අවස්ථාවක් තිබූ බවයි වනජීවී නිලධාරීන් පැවසුවේ.

Share This