මන්ත‍්‍රීවරුන්ගේ සය මසක වැටුප කපා හෝ ගෑස්වලට ලබාදීමට යෝජිත විසඳුම

මන්ත‍්‍රීවරුන්ගේ සය මසක වැටුප කපා හෝ ගෑස්වලට ලබාදීමට යෝජිත විසඳුම

ප‍්‍රමිතියෙන් තොර ගෑස් සිලින්ඩර සියල්ල ආපසු ගෙන්වා ගෙන නිසි ප‍්‍රමිතියෙන් යුත් ගෑස් සිලින්ඩර පාරිභෝගිකයන්ට ලබා දීමට ගෑස් සමාගම කටයුතු කළ යුතු යැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රිනී ගීතා කුමාරසිංහ මහත්මිය සඳහන් කරනවා

ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනින්ද මේ පිළිබඳව අවධානය යොමු කෙරුණා.

ඒ සඳහා ප‍්‍රතිපාදන නැන්තම් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගේ මාස හයක වැටුප් ඒ සඳහා යොදවා ගන්නට කටයුතු කරන්නැයි රජයෙන් ඉල්ලා සිටින බව ද ඇය වැඩිදුරටත් පවසනවා.

එසේ වැටුප හය මාසයක් ලබා දෙන්නට තමන් සූදානම් බවත් මාධ්‍ය හමුවකට එක්වෙමින් ගීතා කුමාරසිංහ මහත්මිය සඳහන් කරනවා.

කොයි මොහොතේ ගෑස් සිලින්ඩරය ගිනි ගනීවි දැයි සැකයෙන් බියෙන් සිටින්නට ජනතාවට සිදුව ඇති මේ මොහොතේ කමිටුවේ නිර්දේශ ඉක්මනින් කි‍්‍රියාත්මක කරන්නට රජය පියවර ගනු ඇතැයි විශ්වාස කරන බව ද කුමාරසිංහ මහත්මිය තවදුරටත් කියා සිටියා.

 

 

Share This