
මන්දකට හසුව මරණ බියෙන් සිටි මුවෙක් වන ජීවී නිලධාරීන් මුදා ගනී
වන ජීවී නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් දඩයම් කරුවෙකුගේ මද්දකට හසු වූ මුවෙකු බේරාගැනේ…
ඓතිහාසික මිහින්තලය අභය භූමිය තුළ දඩයක්කරුවන් විසින් අටවන ලද මද්දකට හසු වූ මුවෙකු බේරා ගැනීමට වනජීවී නිලධාරින් කටයුතු කටයුතු කළා.
එම ප්රදේශයේ පුද්ගලයෙකුගෙන් ලද තොරතුරකට අනුව වහා ක්රියාත්මක වූ වනජීවී නිලධාරීන් හා පොලිසිය එක්ව ප්රදේශවාසීන්ගේ ද සහාය ඇතිව මහත් පරිශ්රමයක්දරා කම්බියක ආධාරයෙන් අටවන ලද මද්දකට හසුව දැඩි ලෙස තුවාල වී සිටි එම මුවා බේරා ගැනීමට සමත් වුණා.
මීට දින කිහිපයකට පෙර මිහින්තලය ප්රදේශයේ සිට මහනුවර දක්වා ටිපර් රථයක ඉතා සූක්ෂම ලෙස සඟවාගෙන මූව මස් කිලෝ 63 ක් ප්රවාහනය කරමින් සිටියදී තිරප්පනය පොලිසිය අත්අඩංගුවට ගත්තේ මෙවැනි පසුබිමකයි.
එම සැකකරුවන් අත් අඩංගුවට පත් වුණේ විදේශීය රටක නිෂ්පාදනය කළ තුවක්කුවක් ද සමගයි.
කලක සිට මිහින්තලය ප්රදේශයේ මුව මස් ජාවාරමක් සිදු කරන බවට ලැබුණු තොරතුරකට අනුව එම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති අතර තවදුරටත් එම ජාවාරම සිදුවන බවට තහවුරු වීම ඔස්සේ මිහින්තලය පොලිසිය පරීක්ෂණ සිදු කරනවා.