මන්නාරම දූපතේ සුළං විදුලි බලාගාර ඉදිකිරීමට එරෙහි විරෝධයට දින 100 ක් පිරීම නිමිත්තෙන් පන්දම් විරෝධයක්

මන්නාරම දූපතේ සුළං විදුලි බලාගාර ඉදිකිරීමට එරෙහි විරෝධයට දින 100 ක් පිරීම නිමිත්තෙන් පන්දම් විරෝධයක්

මන්නාරම දූපත ආශ්‍රිතව සුළං බලාගාර ඉදිකිරීමට සහ දූපත ආශ්‍රිතව ඛනිජ වැලි කැනීමට එරෙහිව මන්නාරම දිස්ත්‍රික්කයේ පිරිසක් ආරම්භ කර ඇති විරෝධතාවට ඊයේ දිනයට දින 100 ක් සම්පූර්ණ වුණා.

එහිදී විරෝධයේ නිරත පිරිස් සිය ඉල්ලීම් ඉටුකර දෙන රජයට බල කිරීම සඳහා පන්දම් දල්වා නිහඬ විරෝධයක නිරත වුණා.

මන්නාරමේ ඉදි කිරීමට අපේක්ෂිත සියලු ආකාරයේ සුළං බලාගාර නවතා දමන ලෙසත් ,මන්නාරම දූපතේ ඉදිකරන විදුලි ජනක සුළං මෝල් හේතුවෙන් මන්නාරම නගරයේ සිටින ජනතාවට ඇතිව තිබෙන ගැටලු සඳහා ස්ථිර විසඳුම් ලබා දෙන ලෙසත් විරෝධතාවයේ නිරත පිරිස් පවසනවා.

ඔවුන් පවසන්නේ කුමන ආකාරයේ හෝ ඛනිජ වැලි කැනීමකට මන්නාරම දූපත ආශ්‍රිතව අවසර ලබා නොදිය යුතු බවයි.

ජනාධිපතිවරයා ඉදිරියට සුළං බලාගාර ඉදිකිරීමට අවසර ලබා නොදෙන බව පැවසීම පිළිබඳව සතුටු වන නමුත් කිසිදු සුළං විදුලි බලාගාරයක් මන්නාරම දූපතට අවශ්‍ය නොවන බවයි.

මෙම විරෝධතාවයට පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පිරිසක් ද එක්ව සිටියා.

 

Share This