මනිපූර්හි ජනවාර්ගික ප්‍රචණ්ඩත්වය ආරම්භ වූ දා සිට මරණ 175ක් වාර්තා වෙයි

මනිපූර්හි ජනවාර්ගික ප්‍රචණ්ඩත්වය ආරම්භ වූ දා සිට මරණ 175ක් වාර්තා වෙයි

පසුගිය මැයි 3 වන දින මනිපූර්හි ජනවාර්ගික ප්‍රචණ්ඩත්වය ඇති වූ දා සිට මේ දක්වා කාලයේදී පුද්ගලයින් 175 දෙනෙකු මිය ගොස් 1,118 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

තවත් 33 දෙනෙකු තවමත් අතුරුදහන් වී ඇති බවත් හඳුනානොගත් සිරුරු 96ක් මෘත ශරීරාගාරවල තිබෙන බවත් ප්‍රාන්ත පොලිසිය පවසනවා

ඊසානදිග ප්‍රාන්තයේ ප්‍රචණ්ඩත්වයේ බලපෑම පිළිබඳ ප්‍රධාන සංඛ්‍යාලේඛන කිහිපයක් ප්‍රාන්ත රජය විසින් නිකුත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ

නිවාස 4,786ක් සහ ආගමික ස්ථාන 386ක් ඇතුළත්ව අවම වශයෙන් ගිනි තැබීම් 5,172ක් වාර්තා වී තිබෙනවා .

ප්‍රචණ්ඩත්වය ආරම්භයේ සිටම රාජ්‍ය අවි ගබඩාවෙන් ආයුධ 5,668ක් කොල්ලකා ඇති අතර ඉන් 1,329 ක් ආරක්ෂක අංශ විසින් සොයාගෙන තිබෙන බවද සඳහන්

තවත් පතොරම් 15,050 ක් සහ බෝම්බ 400 ක්ද සොයා ගෙන තිබෙනවා

ආරක්ෂක අංශ විසින් ප්‍රාන්තයේ අවම වශයෙන් නීතිවිරෝධී බංකර් 360 ක් විනාශ කර ඇති බවයි ප්‍රාන්ත රජය විසින් නිකුත් කර ඇති දත්තවල සඳහන් වන්නේ

Share This