මම ගුණතිලකට පහර දුන්නේ නැහැ – මහින්දානන්ද කියයි (VIDEO)
තමන් ගුණතිලක රාජපක්ෂ මන්ත්‍රීවරයාට පහරදුන් බවට ඔහු මාධ්‍ය ඔස්සේ සිදුකරන අසත්‍ය චෝදනාවට එරෙහිව නීතිමය පියවර ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා.
මේ බව ඔහු කියා සිටියේ (14) දින නාවලපිටිය ප්‍රදේශයේ විශේෂ මාධ්‍ය හමුවකදීයි.
පාර්ලිමේන්තු මාන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ මන්ත්‍රිවරයා විසින් පසුගියදා ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති ආණ්ඩු පක්ෂ රැස්විමේදි ඔහුට පහර දීමෙන් ඔහුගේ පාදයට බරපතළ තුවාල සිදු වු බවට ඔහුගේ පුත් නිලුපුල් රාජපක්ෂ සහ ගුණතිලක රාජපක්ෂ අවස්ථා හතරකදි මාධ්‍යය හරහා ඔහුට චෝදනා කළ බවයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.