මම රට භාරගත්තේ රටේ ආර්ථිකය අලුතින් ගොඩනැගීමටයි -ජනපති රනිල්-
තමා රට භාරගත්තේ රටේ ආර්ථිකය අලුතින් ගොඩනැගීමට බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
ඒ සමඟම රටේ ගොවි ජනතාවගේ ජීවිතද නව පරිවර්තනයකට ලක්වන බවද ජනාධිපතිවරයා සඳහන් කළා.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ කෘෂිකර්ම අමාත්‍යාංශය මඟින් ක්‍රියාත්මක කරනු ලබන කෘෂි නවීකරණ වැඩසටහන යටතේ රුපියල් මිලියන 55ක වියදමින් කරදියනාරු ප්‍රදේශයේ ඉදිකරන ලද රටකජු සැකසුම් මධ්‍යස්ථානය විවෘත කරමින්.