
මරදාන පංචිකාවත්ත අද අළුයම වෙඩිතැබීමක්
මරදාන – පංචිකාවත්ත ප්රදේශයේදී අද අළුයම යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනකු පුද්ගලයකුට වෙඩිතබා පලා ගොස් තිබෙනවා.
පොලීසිය පැවසුවේ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කළ බවයි.
තුවාලකරු වයස අවුරුදු 44 ක් වන පංචිකාවත්ත ප්රදේශයේ පදිංචිකරුවෙක්.
පොලීසිය පවසන්නේ වෙඩිතැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැති බවයි.
