මරියුපෝල්හි වැසියන් 160,000ක් නගරයේ සිරවෙයි -ජලය, ආහාර සහ ඖෂධ කිසිවක් නැහැ
යුක්රේනයේ ප්‍රධාන වරාය නගරයක් වන මරියුපෝල්හි සිවිල් වැසියන් 160,000 ක් පමණ නගරයේ සිරවී සිටින බව නගරාධිපති Vadym Boichenko පවසා තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා
සිවිල් වැසියන් ඉවත් කිරීම සඳහා බස් රථ 26ක් සුදානම් කර බලා සිටින නමුත් ඔවුන්ට ආරක්ෂිත ගමන් මාර්ගයක් ලබා දීමට රුසියානු හමුදා එකඟවී නොමැති බවද ඔහු සඳහන් කරනවා
රුසියානු හමුදා නගරය වට කර ඇති අතර, සිවිල් වැසියන්ට ජලය, ආහාර සහ ඖෂධ හිඟය තවදුරටත් පවතින බවද සඳහන්
මේ අතර Mariupol වෙත ආරක්ෂිතව ගමන් කිරීම සඳහා රුසියාව සහ යුක්රේනය සහතික කිරීමට අවශ්‍ය බැවින් තවමත් කිසිදු ආධාරයක් ලබා දීමට නොහැකි බව ජාත්‍යන්තර රතු කුරුස කමිටුව (ICRC) ප්‍රකාශ කර තිබෙනවා
රුසියාව සිවිල් වැසියන් ඉලක්ක කිරීම ප්‍රතික්ෂේප කර ඇති අතර සිරවී සිටින සිවිල් වැසියන් සඳහා ආරක්ෂිත ගමන් මාර්ගයක් විවෘත කිරීම සඳහා නැවතත් එකඟ නොවීම සම්බන්ධයෙන් යුක්රේනයට චෝදනා කර තිබෙන බවද සඳහන් .