
මලක්කා ආණ්ඩුකාරවරයා ශ්‍රී ලාංකීය ශිෂ්‍යත්ව ප්‍රතිලාභීන් ඉහළ දමන්න ඇමති විජිතට පොරොන්දුවක්
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා 58 වන ආසියාන් විදේශ අමාත්‍යවරුන්ගේ රැස්වීමට සහභාගී වීම සඳහා මැලේසියාවේ කළ සංචාරය අතරතුර, මලක්කා ප්‍රාන්තයේ ආණ්ඩුකාර ටුන් මොහොමඩ් අලි රුස්ටම් (Tun Mohd Ali Rustam) මහතා හමු වී සාකච්ඡා කර තිබෙනවා.
විදේශ කටයුතු අමාත්‍යාංශය පැවසුවේ මෙම හමුවේ දී, ජාත්‍යන්තර සිසුන් සඳහා තම පදනමින් ප්රදානය කරන ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ ශ්‍රී ලාංකික ප්‍රතිලාභීන් සංඛ්‍යාව වැඩි කිරීමට ආණ්ඩුකාරවරයා එකඟතාව පළ කර ඇති බවයි.
ශ්‍රී ලංකාව සහ මලක්කාව අතර තිබෙන ඓතිහාසික හා සංස්කෘතික සබඳතා උපයෝගී කර ගනිමින් සංචාරක අංශයේ සහයෝගීතාව පුළුල් කිරීම පිළිබඳව දෙපාර්ශ්වයම ඵලදායී සාකච්ඡා සිදුකර තිබෙනවා
එහිදී අමාත්‍ය විජිත හේරත් මහතා අවධාරණය කර ඇත්තේ ශ්‍රී ලංකාව සහ මලක්කාව සංචාරක ගමනාන්ත දෙකක් ලෙස වැඩි දියුණු කිරීම සඳහා අන්‍යෝන්‍ය සංචාරක හුවමාරු සහ ඒකාබද්ධ මුලපිරීම් ප්‍රවර්ධනය කිරීමේ අවශ්‍යතාවයි.