
මලයාලම් සිනමා නළු මෝහන් ලාල් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට
චිත්‍රපට රූගත කිරීමක් සඳහා මේ දිනවල ලංකාවට පැමිණ සිටින මලයාලම් සිනමාවේ ජනප්‍රිය නළු මෝහන් ලාල් විශ්වනාදන් මහතා අද ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සංචාරයක නිරත වුණා.
නියෝජ්‍ය කථානායක රිස්වි සාලි මහතාගේ ආරාධනයකට අනුව පාර්ලිමේන්තුවට පැමිණි ඒ මහතා පාර්ලිමේන්තු රැස්වීම නැරඹීමට ද එක්වූ අතර අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න සහ නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි යන මහත්ම මහත්මීන් ද මුණගැසී තිබෙනවා.