
මල්වතු ඔය ආශ්‍රිතව ජල මට්ටම වැඩිවෙමින් පවතිනවා
දිවයිනට බලපෑ ‘දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් හටගත් අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ තවදුරටත් මල්වතු ඔය ආශ්‍රිතව ජල මට්ටම වැඩිවෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
අද උදෑසන නිවේදනයක් නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මේ බව තහවුරු කළා.
එම නිවේදනයට අනුව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරන්නේ එම ප්‍රදේශ අවට ජීවත් වන ජනතාව මේ සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන ලෙසයි.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන මඟින් නිකුත් කරන පූර්ණ අනතුරු ඇඟවීම් නිවේදන පිළිබඳ දැඩි සැලකිල්ලෙන් කටයුතු කරන ලෙසද පෙන්වා දෙනවා.
