මල්වතු ඔය ගංවතුර අවදානම ඉවතට

මල්වතු ඔය ගංවතුර අවදානම ඉවතට

වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජලවිද්‍යා හා අපදා කළමණාකරණ අංශය මගින් මල්වතු ඔයේ ගංවතුර අනතුරු ඉවත් කර තිබෙනවා

ඒ අනුව පසුගිය නොවැම්බර් 27 වන දින නිකුත් කළ ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදන ඉවත් කරන බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ

එමෙන්ම දිවයින පුරා වර්ෂාපතන තත්ත්වයේ සිදුවන වෙනස්කම් සහ ගංඟාවල ජල මට්ටම්වල සිදුවන වෙනස්කම් සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන අතර ගංවතුර තත්ත්වයක් ඇතිවන්නේ නම් ඒ සම්බන්ධයෙන් පූර්ව දැනුම්දීමක් සිදුකිරීමට අවශ්‍ය සියලු කටයුතු යොදා ඇති බවද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.

Share This