මස්සිනා‌ගේ තල්ලුවෙන් දිවි අහිමි වූ නෑනා

මස්සිනා‌ගේ තල්ලුවෙන් දිවි අහිමි වූ නෑනා

කඳාන, උතුරු බටගම ප්‍රදේශයේ පුද්ගලයෙකු කාන්තාවකට පහරදීමක් හේතුවෙන් එම කාන්තාව රාගම රෝහලට ඇතුලත් කර වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත ඇතුලත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබෙනවා.

මියගිය කාන්තාව හා ඇයගේ ස්වාමි පුරුෂයා අතර ඇතිවූ බහින් බස් වීමක් විසඳීම සඳහා ස්වාමි පුරුෂයාගේ මස්සිනා එම ස්ථානයට පැමිණ ආරවුල විසඳීමට යාමේදී ඔහු විසින් මියගිය කාන්තාව තල්ලු කර ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී ඇය බිම ඇද වැටීම හේතුවෙන් මෙම මරණය සිදුව ඇති බවට දැනට සිදුකරන ලද විමර්ශනවලින් අනාවරණය වී තිබෙනවා.

මෙසේ මියගොස් ඇත්තේ අවුරුදු 32ක් වූ උතුරු බටගම, ජාඇල ප්‍රදේශයේ පදිංචි කාන්තාවක්.

ඝාතනයට සම්බන්ධ වයස අවුරුදු 33ක් වූ සැකකරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කඳාන පොලීසිය මඟින් සිදුකරනු ලබනවා.

Share This