මහ බැංකු අධිපතිගේ අපේක්ෂාව (VIDEO)
2024 වර්ෂය තුළදී 3%ක ආර්ථික වර්ධන වේගයක් බලාපොරොත්තු වන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා.
“2024 සහ රටේ ආර්ථිකය” විශේෂ සාකච්ඡාවට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.
එමෙන්ම උද්ධමනය ද 5%ක මට්ටමේ තබාගැනීමට බලාපොරොත්තු වන බවයි මහ බැංකු අධිපතිවරයා පැවසුවේ.
මේ අතර සියලුදෙනා එකතුවී නිසි ලෙස බදු ගෙවීම සිදුකළහොත් බොහෝ ප්‍රශ්නවලින් ගොඩඒමට හැකියාව ලැබෙන බව මුදල් අමාත්‍යංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා එහිදී ප්‍රකාශ කළා.