බදු මුදල් ඉවත් නොකළ හොත් ඉන්ධන මිල ඉහළ දැමීමට සිදුවන බව බලශක්ති ඇමති කියයි (වීඩියෝ)

බදු මුදල් ඉවත් නොකළ හොත් ඉන්ධන මිල ඉහළ දැමීමට සිදුවන බව බලශක්ති ඇමති කියයි (වීඩියෝ)

ඉන්ධන මත පනවා ඇති බදු මුදල් ඉවත් නොකළ හොත් ඉන්ධන මිල යළි ඉහළ දැමීමට සිදුවන බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිළ මහතා පවසනවා.

ඒ අනුව ඩීසල් ලීටරයක මිල රුපියල් 52 කින් සහ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 19 කින් ඉහළ දැමීමට සිදුවනු ඇති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

මේ අතර ඉන්ධන ලබා ගැනීමට ඩොලර් නොමැති අවස්ථාවක ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට මින් ඉදිරියට ණය ලබාදීම සම්පූර්ණයෙන් ම තහනම් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව සියලුම බැංකුවලට විශේෂ නියෝගයක් ලබා දී ඇති බව ද වාර්තා වනවා.

දිගින් දිගටම ණය ලබාදීමෙන් බැංකු පද්ධතිය කඩාවැටීමේ අවදානමක් ද පවතින බවයි මහ බැංකු අධිපතිවරයා අනතුරු අඟවා ඇත්තේ.

 

Share This