මහනුවර අධිකරණයේ බෝම්බ බියක් (VEDIO)
මහනුවර අධිකරණ සංකීර්ණ පරිශ්‍රයේ බෝම්බයක් ඇති බවට ලද තොරතුරකට අනුව අද දින(02) මහනුවර අධිකරණ සංකීර්ණයේ සියලුම දෛනික කටයුතු නවතා දැමීමට පාලනාධිකාරිය පියවර ගත්තා.
119 දුරකථන හදිසි ඇමතුම් අංකයට ලද තොරතුරකට අනුව මෙම විශේෂ මෙහෙයුම් ආරම්භ කළ බවයි වාර්තා වන්නේ.
ඒ් අනුව සියලු ජනතාව, අධිකරණ කාර්ය මණ්ඩලය මෙන්ම නීතිඥවරු හා විනිසුරුවරුන්ද අධිකරණ සංකීර්ණයෙන් ඉවතට යැවීමට පියවර ගත්තා.
ඉන්පසු පැය 02 කට අධික වේලාවක් අධිකරණ සංකීර්ණය නිරීක්ෂණය කළද බෝම්බයක් හමු නොවූ බවයි වාර්තා වන්නේ.
මෙම ඇමතුම ලබා දුන් දුරකථනය මේ වන විට අක්‍රිය කොට ඇති බවත් දුරකථන ඇමතුම ලබා දුන් පුද්ගලයා සොයා පරීක්ෂණ ආරම්භ කොට ඇති බවත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා වැඩි දුරටත් කියා සිටියා.