මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිළමේ ධූරයට 06 දෙනෙක් නිලවරණයට – කාන්තාවන්ට දියවඩන නිළමේ ඡන්දයදීම තහංචියි

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිළමේ ධූරයට 06 දෙනෙක් නිලවරණයට – කාන්තාවන්ට දියවඩන නිළමේ ඡන්දයදීම තහංචියි

ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිළමේ ධූරයට කෙනෙකු පත්කර ගැනීම සදහා රැස්වීම මාස තුනක් තුල පැවැත් විය යුතු බව බෞද්ධ කටයුතු පිළිබද කොමසාරිස් ජන‍රාල් ආර්.එම්.ජී. සේනාරත්න මහතා පවසනවා.

ඔහු පැවසුවේ දියවඩන නිළමේ තෝරාගැනීමේ රැස්වීමේ දී ඡන්දය පාවිච්චි කිරීමේදී පැරණි සම්ප්‍රදායට අනුව උඩරට පළාතට අයත් ප්‍රාදේශීය ලේකම්වරුන්ට සහ දිස්ත්‍රික් ලේකම්වරුන්ට බවයි.

පනතට අනුව දිස්ත්‍රික් ලේකම්වරුන් සහ ප්‍රාදේශීය ලේකම් පිරිමි අයට පමණක් මේ සදහා චන්දය භාවිතයට අවසරය ලැබීම කැපී පෙනෙනවා.

දළදා මාලිගාව සදහා දියවඩන නිළමේ වරයකු තෝරා පත්කර ගන්නේ වසර 10 කට වරක් වන අතර මීට දෙදිනකට පෙර වර්තමාන දියවඩන නිළමේ නිලංග දෑල මහතාගේ ධූර කාලය අවසන් වුණා.

වැඩබලන දියවඩන නිළමේ ලෙස ඔහු පත් කෙරුණේ ඉන් අනතුරුවයි.

මේ අතර මෙවර දියවඩන නිලමේ තෝරා ගන්නා රැස්වීමට අපේක්ෂකයෙකු ලෙස තමන් ඉදිරිපත් වන බව ඓතිහාසික සෝනුත්තර රජමහා විහාර භාරකාරත්වය හා සතර මහ දේවාල භාර මහ නිලමේ ධුරය හොබවන රොෂාන් පස්සරමුදලිගේ මහතා මල්වතු අස්ගිරි උභය මහා විහාරීය මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනමට හා අනුනායක ස්වාමින්ද්‍රයන් වහන්සේලාට දැනුම් දී තිබෙනවා.

දියවඩන නිලමේ ධුරයට පත් වුවහොත් සිදු කිරීමට අපේක්ෂිත වැඩපිළිවෙළ අඩංගු ප්‍රතිපත්ති ප්‍රකාශනයේ පිටපත් මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේලා වෙත පිළිගන්වමින් ඒ මහතා දියවඩන නිලමේ ධුර කාලය වසර 10 කට පමණක් සීමා විය යුතු බව පැවසුවා.

රොෂාන් පස්සරමුදලිගේ මහතා ද සමඟ මේ වනවිට පුද්ගලයින් හය දෙනෙකු ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ධුරය සඳහා තරඟ කරන බව ප්‍රසිද්ධියට පත්කර තිබෙනවා.

එම පිරිස වන්නේ ශ්‍රී දළදා මාලිගාවේ වැඩබලන දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල, මහනුවර කතරගම දේවාලයේ බස්නායක නිලමේ දමින්ද බණ්ඩාර උඩුරාවණ,නාථ දේවාලයේ බස්නායක නිලමේ ඒ්.ඩබ්ලිව්.එස්. බණ්ඩාරනායක, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ මහාචාර්ය තිලක් සුබසිංහ හා ගාමිණි කලුහෙන්දිවෙල යන අයයි.

 

Share This