
මහා කුම්භාභිශේක මංගල්‍යයට සහභාගී වූ අගමැති හරිනි
ඓතිහාසික මාවිට්ටපුරම් ශ්‍රී කන්දස්වාමි කෝවිලේ වසර 51කට පසුව පැවැතුවුණු මහා කුම්භාභිශේක මංගල්‍යයට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද (11) සහභාගී වී තිබෙනවා.
ස්කන්ධ කුමාර දෙවියන්ගේ පාද ස්පර්ශය ලැබූවා යැයි සැලකෙන මාවිට්ටපුරම් ශ්‍රී කන්දස්වාමි කෝවිල යාපනය ජනතාවගේ අභිමානය විදහාපාන මනරම් සිද්ධස්ථානයක්.
ආගමික හා සංස්කෘතික විවිධත්වයෙන් යුත් රටක් ලෙස සමෘද්ධිමත් ඒකීය රටක ආගමික හා සංස්කෘතික නිදහස තහවුරු කරමින් කිසිදු පීඩාවකින් තොරව ජනතාවගේ අධ්‍යාත්මික වර්ධනය උදෙසා මෙවන් සුවිශේෂී ස්ථාන රැක ගැනීම අප සැමගේ වගකීමක් බව අග්‍රාමාත්‍යවරිය එහිදී සඳහන් කර සිටියා.
තවද උතුරේත් දකුණේත් සංස්කෘතික හර පද්ධතීන් එක ලෙස රැකගැනීමේ වගකීම කිසි විටෙක අමතක නොකරන බවයි අගමැතිවරිය සඳහන් කර සිටියේ.