
මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමකට නාවික හමුදාවේ දෙදෙනෙකු අත්අඩංගුවට
මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමකට ආධාර සහ අනුබල දුන් බවට සැකකෙරෙන නාවික හමුදා නිලධාරීන් දෙදෙනෙක් අද (30) නාවික හමුදා විශේෂ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
නාවික හමුදා බුද්ධි අංශයට අනුයුක්තව සේවය කළ නිලධාරීන් දෙදෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි නාවික හමුදාව පැවසුවේ.
ශ්‍රී ලංකා නාවික හමුදා විශේෂ විමර්ශන ඒකකය මගින් සිදුකළ දීර්ඝ අභ්‍යන්තර පරීෂණයකින් අනතුරුව අදාළ අත්අඩංගුවට ගැනීම සිදුකර තිබෙනවා.
සැකකරුවන් ඉදිරි නීතිමය කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය වෙත භාරදීමට නියමිතයි.